ලොව විශාලතම සර්පයා

එදත් වෙනදා වගේමයි කොළොම්බියාවේ සෙරෙජෝන් ගල් අඟුරැ පතල් සේවකයින් සුපුරැදු පරිදි ඔවුන්ගේ වැඩ කටයුතු ආරම්භ කළා. යන්ත්‍ර යොදාගෙන පස් ඉවත් කරමින් කැණීම් කිරීම ආරම්භ කළා. ඒත් හිටිහැටියේ පොළොවෙන් යමක් මතුවීම නිසා කැණීම් කටයුතු නතර කර දැමුණා. පතල් සේවකයින්ට හමුවී තිබුණේ යෝධ අස්ථි.

පුරා විද්‍යාඥයින් කණ්ඩායමක් වහාම සෙරෙජෝන් ගල් අඟුරැ පතලට කැඳවණු ලැබුවා. ප්‍රවේසමෙන් පස් ඉවත් කරමින් අස්ථි මතු කරගත් විද්‍යාඥ කණ්ඩායමට දකින්න ලැබුණේ ඒවා සද්දන්ත සර්පයකුට අයත් අස්ථි බවයි. මේ සද්දන්තයාගේ අස්ථි අසළින් උගේ ගොදුරැ බවට පත්වූ සතුන්ගේ අස්ථි ද දකින්න ලැබුණා. මේ දැවැන්තයාගේ ගොදුරැ බවට පත්වී තිබුණේ කිඹුලන් හා ඉදිඹුවන්ය.

විද්‍යාඥයින් පවසන්නේ මේ යෝධ සර්පයා බස්රථයක් තරම් විශාල බවයි. මේ සතා පිඹුරෙකුට සමානය. වසර මිලියන 60 පෙර ඈත අතීතයේ සෙරෙජෝන් ගල් අඟුරැ පතල පිහිටා ඇති ප්‍රදේශය සාරවත් වගුරැ බිමක් ලෙස පැවැතුණු බවයි පුරා විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. විද්‍යාඥයින්ට හමුවූ කෂේරැකාවට අනුව මේ සර්පයා  කිලෝග‍්‍රෑම් 730 බරින් යුක්තය. නාසයේ සිට වල්ගය කෙළවරට දිග මීටර් 13 කි. (අඩි 42.7 ක්) සෙරෙජෝන් ගල් අඟුරැ පතලෙන් හමුවූ නිසා මේ සර්පයා නම් කර තිබෙන්නේ ටයිටන්බෝවා සෙරෙජෝනිස් යනුවෙනි.

&යෝධ සර්පයින් ගැන අපි කවුරැත් උනන්දුයි. ඒ නිසයි යෝධ සර්පයින් යොදා හොලිවුඩ් චිත‍්‍රපට බිහිවෙන්නේ. ඒත් මේ සතා හැබෑවක්. හොලිවුඩ් මායාවක් එහෙම නොවේ. ඇනකොන්ඩා චිත්‍ර පටයේ ජෙනිෆර් ලෝපෙස් පසුපස හඹා යන යෝධ ඇනකොන්ඩාටත් වඩා මේ සර්පයා විශාලයි.” සර්පයාගේ අස්ථි පරීක්ෂා කිරීමට පැමිණි ඇමෙරිකාවේ ෆ්ලොරීඩා සරසවියේ පුරාවිද්‍යාඥ ජොනතන් බ්ලොක් පවසයි.

වසර ගණනක් තිස්සේ සර්ප විශේෂඥයින් වාද විවාද පැවැත්වූවා සර්පයෙක් කොතරම් විශාලව වැඩෙනවාදැයි කියලා. සර්ප විශේෂඥයින් අතරින් ප්‍රමුඛයෙක් ලෙස කටයුතු කරන නිව්යෝක් නුවර කොනෙල් සරසවියේ සර්ප විශේෂඥ හැගී‍්‍රන් පවසන්නේ සර්පයෙකුගේ උපරිම දිග අඩි 40 ක් පමණ වේවි යන්නයි. ඒත් මේ අලුත් සොයා ගැනීමත් සමඟ එම න්‍යායය වෙනස් වී තිබේ.

(AFP ඒ.එෆ්.පී. පුවත් ඇසුරින්)

This entry was posted in Uncategorized. Bookmark the permalink.

Leave a comment